රාජපූජිත අස්ගිරි මහාවිහාරයේ සම්ප්‍රසාදන ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ “රාජූපස්ථානීය පරමධම්ම සභා” නම් වූ සානුනායක විංශද්වර්ගික ගරුතර කාරක මහා සංඝ සභාව වෙතින්, අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ අභිනව ශ්‍රීමත් අනුනායක පදවියෙන් පිදුම් ලැබූ, ඓතිහාසික මැදගොඩ ගල්ගාන රජමහ විහාරය, කරලියැද්ද ජම්බරුක්ඛාරාම පුරාණ විහාරය, උඩිස්පත්තුව පුරාණ විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති, විශ්‍රාම ලත් මහාවිහාර මහ පිරුවෙන්පති, ශාස්ත්‍රපති, ගෞරවාර්හ නාරම්පනාවේ ශ්‍රී සුමනතිස්ස ආනන්දාභිධාන නායක මාහිමිපාණන් වහන්සේට, සෙංකඩගල කිරිමුහුද මතුයෙන් ධවල පැහැයෙන් බබළන සිරි දළදා වාසල තුළ සිංහාසනාරූඪ ව විරාජමාන ව වැජඹෙන පරමාතිපූජනීය වම් දළදා රජ්ජුරුවන් වහන්සේගේ අනන්තාශීර්වාදයෙන් නිදුක් නිරෝගී චිරජීවන සම්පත්තිය මැද විංශත් ශතවර්ශාධික කාලයක් සුව සේ උතුම් රටදැය සසුන් හොබවන්නට පාදාභිවන්දනයෙන් යුක්ත ව ශුභාශිංසනය කර සිටුම්හ෴


